FAST NEWS

24×7 Around the Globe

බුම්රා කුලසේකරගේ ලෝක වාර්තාව බිඳියි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා විසින් 20 යි 20 ක්‍රිකට් තරඟ වලදී වැඩිම නිල ලකුණු පන්දුවාර සංඛ්‍යාවක් යැවීමේ නව ලෝක වාර්තාවක් තබා ඇත.

මීට පෙර එම වාර්තාව හිමි වි තිබුණේ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකරටයි.

ජස්ප්‍රිත් බුම්රා එම වාර්තාව පිහිටවනු ලැබුවේ නවසීලන්තයට එරෙහි 5 වන තරඟයේදී නිල ලකුණූ පන්දුවාරයක් යැවීමත් සමඟයි.

බුම්රා මේ දක්වා 20 යි 20 තරඟ වලදී යවා ඇති නිල ලකුණූ පන්දුවාර ගණන 7 කි.

ඔහු 20 යි 20 තරගවලදී නිලකුණූ පන්දුවාර 6 ක් යවා තිබේ.