FAST NEWS

24×7 Around the Globe

නිදහස් දිනයදා සිරකරුවන් රැසකට නිදහස

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට(04) දිනට යෙදෙන 72 වැනි නිදහස් දිනය වෙනුවෙන් සුළු වැරදිවලට බන්ධනාගාරගතව සිටින සිරකරුවන් 516කට අධික පිරිසකට නිදහස ලැබෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම පිරිසට ජනාධිපති සමාව ලැබෙන සිරකරුවන් පිළිබඳව තොරතුරු අද (03) දිනයේ නිශ්චිතවම බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලැබෙන බවත් වාර්තාවේ.

සුළු වැරදි සම්බන්ධයෙන් දඬුවම් විඳින පිරිස් හා කෙටි කාලීනව සිරදඬුවම් ලබන පිරිස් සඳහා අදාළ සමාව ලැබෙනු ඇත.