FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ දෙවන ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අද (31) පැවැත්වීමට නියමිතයි.

ඊයේ (30) තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන සිම්බාබ්වේ කණ්ඩායම කඩුළු 7ක් දැවි ලකුණු  241 ක් රැස්කරගෙන සිටියේය.

ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා සිම්බාබ්වේ පිල මේ වන විට කඩුළු 3ක් අතැතිව ලකුණු 354ක් ඉදිරියෙන් පසුවෙයි.