FAST NEWS

24×7 Around the Globe

සචින්ගේ නව ක්‍රිකට් ඇකඩමිය මුම්බායිහිදී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් නව ක්‍රිකට් ඇකඩමියක් ආරම්භ කර තිබේ.

ඒ මුම්බායි නගරයේයී.

නවක ක්‍රීඩකයන් වෙනුවෙන් ඔහු මෙලෙස ක්‍රිකට් ඇකඩමියක් පළමුව ආරම්භ කළේ 2018 වසරේදියි.

ඉන්දියාවෙන් බිහිවු විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන සචින් ටෙන්ඩුල්කා එංගලන්තයේ මිඩ්ල්සෙකස් ක්‍රිකට් ක්‍රීඩා සමාජය හා එක්ව ආරම්භ කළ ක්‍රිකට් ඇකඩමිය ටෙන්ඩුල්කා මිඩ්ල්සෙක්ස් ග්ලෝබල් ඇකඩමි ලෙස නම් කර තිබුණි.

මෙතෙක් එම ඇකඩමිය එංගලන්තයේ පමණක් තිබු අතර ඊයේ (28) දිනයේදී එහි ශාඛාවක් බටහිර මුම්බායි නගරයේ පිහිටවීමට පියවර ගත්තේය.