FAST NEWS

24×7 Around the Globe

කැනේඩියානු පොප් ගායක රෝගයකින් පෙළෙයි [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තමා ලයිම් රෝගයෙන් පෙළෙන බව කැනේඩියානු පොප් ගායක ජස්ටින් බීබර් සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සටහනක් තබමින් කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ තමා දරුණු වෛරස් ආසාදනයකින් ද පෙළෙන බවයි.

මේ පිළිබඳ වැඩිදුර විස්තර ඉදිරියේදී සිය ජීවිතය පිළිබඳව නිර්මාණය වන යූටියුබ් වීඩියෝ එකතුවෙන් දැනගත හැකි බවත් සිය රෝගී තත්ත්වයට නිසි ප්‍රතිකාර සිදුකරන බවත් ජස්ටින් බීබර් පවසයි.