FAST NEWS

24×7 Around the Globe

එකගෙයි සොකරි ගීත එළිදක්වයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වැල්ලවත්ත සැවෝයි ප්‍රිමියම් සිනමා ශාලාවේ දී අද ( 08 ) පස්වරුවේ සිනමාවේදී ජැක්සන් ඇන්තනි තිර රචනා කොට අධ්‍යක්ෂණය කළ “එකගෙයි සොකරි” සිනමාපටයේ ගීත එළිදැක්වීම සිදු කිරීමට නියමිත ය.

මෙම චිත්‍රපටය ක්‍රියේටිව් හේලන්කා ප්‍රයිවට් ලිමිටඩ් නිෂ්පාදනයකි.

සජිත අනුත්තර, අකිල ධනුද්ධර, උදාරි වර්ණකුලසූරිය, විල්සන් ගුණරත්න, ටෙරී ජයසිංහ, රුවන් පෙරේරා, සෙනාලි ෆොන්සේකා, ආරියරත්න කළුආරච්චි, සම්පත් තෙන්නකෝන්, සුසිලා කෝට්ටගේ, රුවන් වික්‍රමසිංහ ඇතුළු රංගන ශිල්පින්, ශිල්පිනියන් රැසක් මෙහි රංගනයෙන් දායක වී තිබේ.

” එකගෙයි සොකරි ” මෙම වසරේ දී දිවයින පුරා සිනමා ශාලාවල තිරගත කිරීමට නියමිත බව වාර්තා වේ.