FAST NEWS

24×7 Around the Globe

Joaquin Phoenix ලොව හොඳම සිනමා නළුවා වෙයි

(ෆාස්ට් නිව්ස් | ඇමෙරිකාව) – කෙටි කාලයක් තුළ දැඩි ප්‍රසිද්ධියක් ලැබූ ජෝකර් චිත‍්‍රපටයේ ජෝකර්ගේ චරිතයට පණ පෙවූ Joaquin Phoenix ලොව හොඳම සිනමා නළුවාට හිමි සම්මානය දිනාගැනීමට සමත් වී ඇත. 

ඒ 77 වන වරටත් අමෙරිකාවේ ලොස් ඇන්ජලිස්හිදී පැවැත්වෙන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළලේදීයි.

එහිදී හොඳම චිත‍්‍රපටය ලෙස 1917 සම්මාන දිනාගත් අතර හොඳම ප‍්‍රහසන චිත‍්‍රපටය ලෙස ‘‘වන්ස් අප් ඔන් අ ටයිම් ඉන් හොලිවුඞ්’’ සම්මාන දිනාගනු ලැබීය.

ලොව ප‍්‍රකට නළු Leonardo DiCaprio සමග එහි රගපෑ ලෝක ප‍්‍රකට Brad Pitt හොඳම සහය නළුවාට හිමි සම්මානය දිනා ගත්තේය.