FAST NEWS

24×7 Around the Globe

ඉර්ෆාන් පඨන් ක්‍රිකට් දිවියෙන් සමු ගනී

(ෆාස්ට් නිව්ස් | ඉන්දියා) – ඉර්ෆාන් පඨන් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙන බව පසුගියදා නිවේදනය කළේය.

ඉන්දියාවෙන් බිහිවු දක්ෂ වේග පන්දු යවන්නෙක් වන ඔහු ඉන්දියාව වෙනුවෙන් අවසන් වරට ජාත්‍යන්තර තරඟයක් ක්‍රීඩා කළේ 2012 වසරේදීයි.

35 හැවිරිදි වියේ පසුවන ඉර්ෆාන් පඨන් 2003 වසරේදී ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගත් අතර ඉන් වසරකට පසු එක්දින වරම් හිමි කර ගත්තේය.

ඉර්ෆාන් පතාන් විස්සයි විස්ස වරම් හිමි කරගත්තේ 2006 වසරේදී දකුනු අප්‍රිකාවට එරෙහිව වන අතර ඉන් වසරකට පසු 2007 වසරේදී පැවති 20-20 ලෝක කුසලානයේදී විශිෂ්ට දක්ෂතා දැක්වීමට සමත් විය.

ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග 29ක්, එක්දින තරග 120ක් සහ විස්සයි විස්ස තරග 24ක් ක්‍රීඩා කර ඇති පඨන් එහිදී කඩුලු 301ක් දවාගෙන තිබේ.

2017 වසරේදී පැවති අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේදී ඉර්ෆාන් පතාන් අලෙවි නොවීය.

මෙම නව වසර උදාවත් සමග ඉර්ෆාන් පඨන් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමටයි තීරණය කර ඇත.