FAST NEWS

24×7 Around the Globe

තවත් ක්‍රිකට් බොලිවුඩ් පෙම් පටලැවිල්ලක්

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක කේ.එල්. රාහුල් බොලිවුඩ් නිළි ආටියා ෂෙට්ටි සමඟ පෙම් සබඳතාවක් පවත්වන බව වාර්තා වේ.

ඔවුන් දෙදෙනා තායිලන්තයේ නිවාඩවක් ගත කිරීමට ගොස් මුම්බායි ගුවන්තොටුපල වෙත පැමිනී අවස්ථාවේ මේ බව හෙළිව ඇත.

විරාත් කෝලි – අනුෂ්කා ෂර්මා වඩාත් ජනප්‍රිය යුවළ වීමත්, හාඩික් පාණ්ඩ්‍යා – නටාසා ස්ටැන්කොවිච් නවතම යුවළ වීමත් සමඟ තවත් ක්‍රිකට්-බොලිවුඩ් යුගලයක් පිළිබඳ පුවත අන්තර්ජාලයට පැමිණ තිබේ.

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක කේ.එල් රාහුල් නිළි ආටියා ෂෙට්ටි සමඟ පෙම් සබඳතාවක් පවත්වන බව වාර්තා වේ.

මේ පිළිබඳ කටකතා දීර්ඝ කාලයක් තිස්සේ පවතින අතර එය එම දෙදෙනාගේ සමීප මිතුරෙකු විසින් සනාථ කර තිබේ.