FAST NEWS

24×7 Around the Globe

ගෙවීගිය දශකයේ හොඳම ටෙස්ට් කණ්ඩායමට රංගන හේරත්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ප්‍රමුඛපළේ ක්‍රීඩා වෙබ් අඩවියක් විසින් ගෙවීගිය දශකයේ ටෙස්ට්, එක්දින සහ විස්සයි – 20 කණ්ඩායම් පසුගියදා ප්‍රකාශයට පත් කරනු ලැබීය. 

එහිදී හිටපු ටෙස්ට් නායකයකු වන රංගන හේරත්ව නම්කර තිබූ අතර, එක්දින සහ විස්සයි-20 කණ්ඩායම් දෙකෙහිම ස්ථාන ශ්‍රී  ලංකා විස්සයි-20 නායක ලසිත් මාලිංග හට හිමිව තිබීමද විශේෂත්වයක්.

මීට අමතරව , ඉන්දීය නායක විරාත් කෝලි සහ හිටපු දකුණු අප්‍රිකානු නායක ඒ. බී. ඩි විලියර්ස් මෙම ආකෘති තුනෙහිම කණ්ඩායම් සඳහා ඇතුළත්ව තිබීම කැපී පෙනෙන සිදුවීමක් වශයෙන් දැක්විය හැක.