FAST NEWS

24×7 Around the Globe

රොබට් මොරෙනෝ තම ධූරයේ වැඩ අරඹයි

(ෆාස්ට් නිව්ස් |ස්පාඤ්ඤ ) – පසුගිය දා මොනාකෝ පාපන්දු කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු රොබට් මොරෙනෝ සිය කණ්ඩායම සමඟ එම ධුරයේ කටයුතු ආරම්භ කළේය.

ඒ පුහුණු සැසියකට එක් වෙමිනි.

පසුගිය දෙසැම්බර් 28 වැනිදා 42 හැවිරිදි වියේ පසුවන රොබට් මොරෙනෝ මොනාකෝ පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කෙරුණි.

මොරෙනෝ පාපන්දු කණ්ඩායම සමඟ පුහුණු සැසියකට එක් වෙමින් ඔහු පසුගියදා සිය ධූරයේ කටයුතු ආරම්භ කළේය.

කණ්ඩායමේ සිටින තරුණ ක්‍රීඩකයන් නිවැරදි පුහුණුකාරිත්වය යටතේ දක්ෂ ක්‍රීඩකයන් බවට පත් කළ හැකි බව අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රධාන පුහුණුකරු මොරෙනෝ සඳහන් කළේය.

පුහුණුකරුවෙකු ලෙස තමන්ට අවශ්‍ය වන්නේ සියලුම තරඟ ජයග්‍රාහණය කිරීම බවත් ප්‍රතිවාදී කණ්ඩායම කුමක් වුවත් සිය කණ්ඩායමට විශාල කාලයක් නොමැති බවත් ප්‍රධාන පුහුණුකරු රොබට් මෙරෙනෝ එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.