FAST NEWS

24×7 Around the Globe

ස්කොට්ලන්ත ලේඛක ඇලස්ඩෙයා ග්‍රේ අභාවප්‍රාප්ත වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රවීණ ස්කොට්ලන්ත ලේඛක ඇලස්ඩෙයා ග්‍රේ අභාවප්‍රාප්ත වී තිබේ. 

85 හැවිරිදි වියේ පසුවන ඇලස්ඩෙයා එරට ග්ලාස්ගෝ නුවර ක්වින් එලිසබෙත් රෝහලේ දී ජීවිතක්ෂයට පත්ව තිබේ.

සම්මාන දිනූ කෘතියක් වන Poor Things(1992) සහ Lanark (1981) ඇලස්ඩෙයා ග්‍රේ විසින් ලියන ලද්දකි.

ඇලස්ඩෙයා ග්‍රේ ගේ දේහය වෛද්‍ය විද්‍යාලයට බාරදෙන බැවින් අවසන් කටයුතු නොපවත්වන බව ඔහුගේ පවුල විසින් නිවේදනය කර තිබේ.