(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තය ලියවී ඇති බව සැලකෙන විස්ඩන් සඟරාව දශකයේ පන්දුවාර විස්සයි විස්ස කණ්ඩායම ප්‍රකාශයට පත් කර ඇත.
එම කණ්ඩායමේ නායකත්වය ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ආරෝන් ෆින්ච්ටයි හිමිව ඇති අතර ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨතම ක්‍රීඩකයෙකු වන ලසිත් මාලිංග ද එම කණ්ඩායමට ඇතුළත් වීම විශේෂත්වයකි.
විස්සයි විස්ස තරඟ රටාවේ වේග පන්දුවේ රජු ලෙස විස්ඩන් සඟරාව මාලිංගව හදුන්වා දී තිබේ.








