FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා විවෘත කණිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය ලබන සදුදා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය වාර්ෂිකව සංවිධාන කරන ශ්‍රී ලංකා විවෘත කණිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය මෙවරත් ජනවාරි 6 වැනිදා සිට 8 වැනිදා දක්වා කොළඹ රාජකීය ගොල්ෆ් පිටියේ පැවැත්වීමට නියමිතයි.

මෙහිදි තරඟ වයස් කාණ්ඩ 4ක් යටතේ පැවැත්වීමට සූදානම් කර ඇත.

වයස අවුරුදු  15 – 18 ත් අතර කාණ්ඩය රන් කාණ්ඩය ලෙසත්, වයස අවුරුදු 12 – 14 ත් අතර කාණ්ඩය රිදී කාණ්ඩය ලෙසත්, වයස අවුරුදු 10 – 11 ත් අතර කාණ්ඩය ලෝකඩ කාණ්ඩය ලෙසත් නම් කර තිබේ.