FAST NEWS

24×7 Around the Globe

ටෙස්ට් පිතිකරුවන් අතර මුල් තැන විරාත් කෝලිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  2019 වසර අවසානයේ ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රීකට් ශ්‍රේණිගත කිරිම් අනුව විරාත් කෝලි ටෙස්ට් පිතිකරුවන් අතර පළමු තැන හිමිකර ගැනීමට සමත්විය.  

ටෙස්ට් පිතිකරුවන් අතර දෙවැනි ස්ථානය හිමිව ඇත්තේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීවන් ස්මිත් හටයි.

නවසීලන්ත නායක කේන් විලියම්සන් ටේස්ට් පිතිකරුවන් වර්ගීකරණයේ තුන්වන ස්ථානයේ පසුවෙයි.

ජාත්‍යන්තර ටේස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න හිමිවන්නේ 11 වන ස්ථානයේයි.

ශ්‍රී ලංකාවේ කිසිදු ක්‍රිඩයෙක් ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගත කිරිම්වල පළමු ක්‍රිඩකයින් 10 දෙනා අතර නොසිටීම ද විශේෂත්වයක්.