(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට සම්මානිත ප්‍රවීන රංගන ශිල්පි ශ්‍යාම් ප්‍රනාන්දු ප්‍රකට සිනමාකරු මනි රත්නම්ගේ නවතම චිත්‍රපටය වන “පොන්නියන් සෙල්වම්” සඳහා රංගන දායකත්වය සැපයීමට නියමිතයි.
ඔහු පසුගියදා තම මුහුණු පොතේ සටහනක් තබමින් සඳහන් කර තිබුනේ තායිලන්තයේ පැවැත්වෙන රූගත කිරීම්වලට දිවයිනෙන් පිටත්ව යන බවයි.
මෙම චිත්‍රපටය සඳහා කොලිවුඩ් තරු ජයම් රවී, කාර්ති, අයිශ්වර්යා ලක්ෂ්මි, වික්‍රම්, ට්‍රිෂා සහ මෝහන් රාමන් රංගනයට එක්වී තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ එළඹෙන වසරේ දී ප්‍රකට බොලිවුඩ් රංගන ශිල්පිනි අයිශ්වර්යා රායිද මෙම සිනමාපටය සමඟ එක්වීමට නියමිත බවයි.
මෙම දමිල සිනමාපටයට සංගීතය සපයන්නේ ඒ.ආර්. රහමන් විසින් බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.









