FAST NEWS

24×7 Around the Globe

ඉන්දු – ශ්‍රී ලංකා 20-20 තරඟාවලියට එක්වන සංචිතය මෙන්න

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  2020 වසරේ ජනවාරි මස 03 වනදා ඉන්දියාව සමඟ අරම්භ වීමට නියමිත පන්දුවාර 20 තරඟාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ. 

මෙවර ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත වෙයි.

මෙහි නායකත්වය ලසිත් මාලිංගට හිමිව ඇති අතර උපනායකත්වය හිමිව ඇත්තේ නිරෝෂන් දික්වැල්ලටයි.

ධනුෂ්ක ගුණතිලක, කුසල් පෙරේරා, භානුක රාජපක්ෂ, ඇන්ජලෝ මැතිව්ස්, ඕෂධ ප්‍රනාන්දු, දසුන් ශානක, ෂෙහාන් ජයසූරිය, ලක්ෂාන් සඳකැන්, වනිඳු හසරංග, ඉසුරු උදාන, ළහිරු කුමාර, නුවන් ප්‍රදීප්, කසුන් රාජිත මෙම සංචිතයට ඇතුළත් වේ.

කුසල් මෙන්ඩිස්ට සහ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාට මෙම සංචිතයේ අවස්ථාවක් ලැබී නොමැත.