FAST NEWS

24×7 Around the Globe

දෙවන ටෙස්ට් තරඟයෙන් ඕස්ට්‍රේලියාවට ජය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නවසීලන්තය සමඟ මෙල්බන්හි පැවති දෙවන ටෙස්ට් තරඟය ලකුණු 247 කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වේ.

පළමු ඉනිමේදී ඕස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු  467 ක් රැස් කළ අතර කඩුලු 5 ක් දැවී දෙවන ඉනිම අත්හිටුවූයේ ලකුණු 168 ක් ලබා සිටියදීය.

පළමු ඉනිමේදී ලකුණු 148 ක් රැස් කළ නවසීලන්තයට දෙවන ඉනිමේදී ලකුණු 240 පසුකර යාමටනොහැකි වුණි.

දෙරට අතර, පළමු ටෙස්ට් තරඟය ද ඔස්ට්‍රේලියාව ලකුණු 296 කින් ජය ගත්තේය.

ඒ අනුව දැනටමත් දෙකට බින්දුවක් ලෙස තරඟාවලි ජය ද ඔවුන් හිමිකර ගෙන අවසන්ය.