(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව රජය බලයට පත්වීමෙන් පසු ක්‍රියාත්මක කෙරෙන පළමු විදේශ ආයෝජන ව්‍යාපෘතිය සඳහා කටයුතු සුදානම් කෙරේ.
මෙම ආයෝජනය සඳහා පෙරනියල් රියල් එස්ටේට් හෝල්ඩිංග්ස් සමාගම සූදානම් බව රජය පවසයි.
කොළඹ බාලදක්ෂ මාවතේ බේරේ වැව සහ ෂැංග්‍රිලා හෝටලය අතර පිහිටි අක්කර තුනක භූමි භාගය තුළ මෙම ආයෝජනය සිදු කිරීමට නියමිතය.
ඇ.ඩො. මිලියන 250 ක විදේශ ආයෝජන ව්‍යාපෘතියක් වන මෙමගින් මහල් 30 ක වාණිජ කුලුනක් ඉදිකිරීමට යෝජිත අතර නව නිවාස ඒකක 700 ක්ද ස්ථාපනය කෙරේ.






