FAST NEWS

24×7 Around the Globe

‘බන්ටි ඔර් බබ්ලි’ දෙවැන්නක් නුදුරේදීම ප්‍රේක්ෂකයන් අතරට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  2005 වසරේ තිරගත වූ බොලිවුඩ් චිත්‍රපට අතර අභිෂේක් බච්චන් හා අම්තාබ් බච්චන් රංගනයෙන් දායකත්වය ලබාදුන් ‘බන්ටි ඔර් බබ්ලි’චිත්‍රපටය හැඳින්විය හැකිය. 

මෙම චිත්‍රපටය යශ්රාජ් චිත්‍රපට සමාගමේ නිෂ්පාදනයකි.

පසුගියදා යශ්රාජ් චිත්‍රපට සමාගමේ ප්‍රධාන විධායකයා වූ ආදිත්‍ය චොප්රා ‘බන්ටි ඔර් බබ්ලි’චිත්‍රපටයේ දෙවැන්නක් නිර්මාණය කරන බව නිල වශයෙන් මාධ්‍යයට දැනුම් දෙනු ලැබීය.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා ඔහු විසින් තෝරා ගෙන ඇත්තේ සිය බිරිඳ රාණි මුඛර්ජි හා සායිෆ් අලී ඛාන් දෙදෙනාය.

ඔවුන් පෙනී සිටි අවසන් චිත්‍රපටය වූයේද යශ්රාජ් චිත්‍රපටයක් වූ ‘තාරා රම් පම් ‘චිත්‍රපටයේය. ඒ වසර 11 කට පසුව වීම විශේෂත්වයකි.