FAST NEWS

24×7 Around the Globe

කොළඹ පෙරදිග ගායන වෘන්දයෙන් පැරණි නත්තල් බැති ගීයක් [VIDEO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කොළඹ පෙරදිග ගායන වෘන්දය අද ශ්‍රී ලංකාවේ පැරණිතම නත්තල් බැති ගීයක් වන දෙවිදු උපන්නේය කැරොල් ගීතිකාව එළි දක්වා තිබේ. 

මෙම කැරොල් ගීතිකාව තුළ එවකට ලන්දේසි සමයේ ශ්‍රී ලංකාව තුළ සංස්කෘතික බලපෑම මැනවින් විදහා දක්වයි. සිංහල කැරොල් සම්ප්‍රදායේ පුරෝගාමියෙකු වන ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමා විසින් 1700 මැද භාගයේ රචිත මෙම ගීතය කර්ණාටක , ජන සහ වර්ණම් සංගීත ප්‍රභේදයන්හි ආභාෂය විදහා දක්වයි.

මෙම කැරොල් ගීතිකාව එළි දක්වමින් කොළඹ පෙරදිග ගායන වෘන්දය ඔවුන්ගේ සුවිශේෂී ගායන කුසලතා නැවත තහවුරුකර ඇති අතර , කෙටි කලක් තුළ මෙරට සහ ජාත්‍යන්තර ප්‍රේක්ෂකයින්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත්වී තිබේ.