FAST NEWS

24×7 Around the Globe

නයිට් රයිඩර්ස් වැඩිම මිලට මිලදී ගත් ක්‍රීඩකයා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – IPL ඉතිහාසයේ වැඩි වටිනාකමකට අලෙවි වු විදෙස් ක්‍රීඩකයා ලෙස ඔස්ට්‍රේලියාවේ පැට් කමින්ස් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ ඉන්දීය රුපියල් කෝටි 15.05 කට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසිනි.

මිට අමතරව ලබන වසරේ ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රි ලංකාවේ ඉසුරු උදානව මිළදී ගෙන තිබේ.

ඒ ඉන්දීය රුපියල් ලක්ෂ 50 කට රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම විසිනි.

මෙවර වෙන්දේසියේදී මිලදී ගත් එකම ශ්‍රී ලාංකික ක්‍රිඩකයා වන්නේද ඉසුරු උදාන පමණක් වීම විශේෂත්වයක්.