(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සුරූපී බොලිවුඩ් නිළි මධුරි ඩික්සිත් නත්තල් නිවාඩු සමය ගතකිරීමට ලංකාවට පැමිණ ඇති බවට වාර්තා වේ.
ඇගේ twitter ගිණුමේ ප්‍රසිද්ද කොට තිබුණු පින්තූර ලංකාවේ සිට ලබාගත් ඒවා බව පැහැදිලි වේ.
ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ඇය ඇගේ සමාජ ජාලා ගිණුම් වලට එක් කර නොමැති අතර තවමත් ලංකාවේ නිවාඩුව ගත කරමින් සිටින බවට ද වාර්තා වේ.
තම පවුලේ අය සමඟින් ලංකාවේ සංචාරයකට පැමිණි බොලිවුඩ් සුරූපිනිය තවත් දින කිහිපයක් ලංකාවේ ගත කරනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.











