(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සත්‍ය කතාවක් ඇසුරේන් නිර්මාණය කර ඇති ‘චාපාක්’ බොලිවුඩ් චිත්‍රපටයේ පළමු ප්‍රචාරක දැන්වීම පසුගියදා නිකුත් කරනු ලැබීය.
එම චිත්‍රපටය 2020 ජනවාරි 10 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතයි.
2018 වසරේ ‘පද්මාවත්’ චිත්‍රපටයෙන් පසු දිපීකා පදුකෝනි සිය රසික පිරිස් හමුවන මුල්ම චිත්‍රපටය වන්නේද මෙය වීම විශේෂත්වයකි.
මෙම චිත්‍රපටය ඉන්දියාව තුළ ඇසිඩ් ප්‍රහාරයකට ලක්වූ ලකෂ්ඹි අග්‍රවාල්ගේ ජිවිත කතාව අලලා නිර්මාණය කල එකක් වන අතර ‘චාපාක්’ චිත්‍රපටය මෙග්නා ගුල්සාර් විසින් අධ්‍යක්ෂණය කර ඇති තිබේ.









