(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩිකා ලෝරා මාෂ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇති බව ඊයේ (16) නිවේදනයක් නිකුත් කරමින් ඇය පවසයි.
ඒ අනුව 2006 වසරේ එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් සහ එක්දින පිටියට පිවිසු 33 හැවිරිදි ලෝරා මාෂ් ආරම්භක පිතිකාරිනියක ලෙස මේ වන විට ටෙස්ට් තරග 9කට සහභාගී වෙමින් ටෙස්ට් ලකුණු 151ක් රැස් කර ගැනිමට සමත් වී තිබේ.








