(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ක්‍රියාදාම චිත්‍රපටයක් වන‘ස්ටාර් වෝස්’ චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය වන ‘ස්ටාර් වෝස් – ද රිස් ඔෆ් ද ස්කයිවොල්කර්’ චිත්‍රපටය 2019 දෙසැම්බර් 20 වැනිදා ලොව පුරා ප්‍රදර්ශනය වීමට නියමිතයි.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ මෙම චිත්‍රපටය අවසන් වරට නිර්මාණය වූ ‘ ස්ටාර් වෝස් – ද ලාස්ට් ජෝඩි’ චිත්‍රපටයේ කතාවට සමගාමිව නිර්මාණය කර ඇති චිත්‍රපටයක්වන බවයි.
මෙම චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් 72 ක් වියදමක් දරා නිර්මාණය කර තිබෙන අතර ‘වොල්ඩ් ඩිස්නි’ සමාගමේ බෙදාහැරිමක් වෙයි.
මෙය 2019 හොලිවුඩයේ තිරගත වන අවසන් සුපිරි චිත්‍රපටය වනු ඇති බව සිනමා විචාරකයන් පවසයි.









