(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බංගලාදේශ් ප්‍රිමිය ලීග් විස්සයි 20 ඊයේ (11) පැවති තරඟාවලියේ කොමිලා වෝරියස් කණ්ඩායමේ නායක දසුන් ශානක දැක්වූ දස්කම් කාගේත් කතා බහට ලක් විය.
ඒ ඔහු පන්දු 31කදී නොදැවී ලකුණු 75ක් රැස්කළේ දැවැන්ත හයේ පහර 09ක් සහ හතරේ පහර 03ක් සමඟින් තරගය දස්කම් පෑම හේතුවෙන්.
එම නිසා කොමිලා වෝරියස් කණ්ඩායම ලකුණු 105කින් පහසුවෙන් ජයගන්නට සමත් විය.
එහිදී තරඟයේ වීරයා බවට දසුන් ශානක පත් වූ අතර රාන්ග්පූර් පිළට පන්දුවාර 14ක් තුල සියල්ලන් දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 68ක් පමණයි.








