FAST NEWS

24×7 Around the Globe

සුරංග ලක්මාල් පාකිස්තානු සංචාරයෙන් ඉවතට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාකිස්තානු ටෙස්ට් තරඟ සංචාරයෙන් ශ‍්‍රී ලංකාවේ වේග පන්දු යවන කී‍්‍රඩක සුරංග ලක්මාල් ඉවත් කර තිබේ.

ඒ ඩෙංගු උණ රෝගය වැළඳීම හේතුවෙන් බවට වාර්තා වේ.

ශ‍්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරට ඊයේ (09) ළඟා වූ අතර ඩෙංගු උණ වැලඳී තිබීම හේතුවෙන් සුරංග ලක්මාල්ට මෙම සංචාරයට එක්වීමට නොහැකි වුවේය.

සුරංග ලක්මාල් වෙනුවට යොවුන් වේග පන්දු යවන කී‍්‍රඩක අසිත ප‍්‍රනාන්දු, ශී‍්‍ර ලංකා ටෙස්ට් සංචිතයට කැඳවා තිබේ.

2009 වසරේදී ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිළට පාකිස්තානයේ ලාහෝර් නුවරදී එල්ල වුණු ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු එරට පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරඟාවලිය මෙය වේ.

එම ප‍්‍රහාරයේ ඉලක්කය වූ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සිටි දැනට කී‍්‍රඩා කරන එකම කී‍්‍රඩකයා වන්නේ සුරංග ලක්මාල්ය.

තරඟ 02 කින් සමන්විත ශ‍්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් කි‍්‍රකට් තරඟාවලියේ පළමු තරඟය රාවල්පින්ඩිහි දී හෙට (11) ආරම්භවීමට නියමිතයි.