(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට ඉතිහාසයේ පළමු වරට ඊයේ (08) මල්ලව පොර ඉසව්වෙන් රන් පදක්කම් 02 ක් හිමි විය.
මෙම පදක්කම් 02 ම හිමි වූයේ කාන්තා මල්ලව පොර ඉසව්වෙන් වීම විශේෂත්වයකි.
කිලෝග්‍රෑම් 65 බර පන්තියෙන් දිල්හානි වීරබාහු රන් පදක්කම දිනා ගත් අතර අයෝමි සෙනෙවිරත්න රන් පදක්කම දිනා ගත්තේ කිලෝග්‍රෑම් 72 බර පන්තියෙනි.
කිලෝග්‍රෑම් 62 බර පන්තියෙන් ප්‍රියංගා කුමාරි රිදී පදක්කම දිනා ගත් අතර උදාර ප්‍රනාන්දු කිලෝග්‍රෑම් 61 බර පන්තියෙන් මල්ලව පොර ලෝකඩ පදක්කමක් ශ්‍රී ලංකාවට දිනා ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට මුළු පදක්කම් 201ක් ලබා ගනිමින් පදක්කම් සටහනේ තුන්වැනි ස්ථානයේ රැඳී සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු ආසියානු ක්‍රීඩා උළෙලකදී මෙතෙක් දිනාගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව ලෙස මෙය ලෙස වාර්තා වේ.








