FAST NEWS

24×7 Around the Globe

ඇමසන් ගින්නට ලියනාඩෝට බ්‍රසීල ජනපතිගෙන් චෝදනා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පෘථිවියේ හදවත බඳු වූ ඇමසන් වනය ගිනි තැබීමට ලෝක ප්‍රකට හොලිවුඩ් රංගන ශිල්පී ලියනාඩෝ ඩිකැප්රියෝ මුදල් දුන් බව පවසමින් බ්‍රසීල ජනපති ජයිර් බොල්සොනාරෝ ඔහු වෙත චෝදනා එල්ල කර තිබේ. 

නමුත් , සති ගණනක් පුරාවට ඇවිලුණු ඇමසන් ගින්න පාලනය කිරීම සඳහා ලියනාඩෝ ඩිකැප්රියෝ විසින් ඇමරිකානු ඩොලර් මිලියන 05 ක මුල්‍ය ආධාරයක් ද පරිත්‍යාග කළේය.

“මේ ලියනාඩෝ ඩිකැප්රියෝ කියන හාදයා නියම මිනිහෙක්, හා බොරු ද? ඇමේසන් වනය ගිනි තියන්න සල්ලි දෙන එක.”

බ්‍රසීල ජනාධිපතිවරයා චෝදනාව සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නැති අතර මේවසරේ දී ඇමසන් වනයේ කොටසක් විනාශ කළ ගින්නට හේතු වූ “ජනාධිපතිගේ ප්‍රතිපත්ති” විවේචනය කළ රාජ්‍ය නොවන සංවිධාන වෙත ද මින් පෙර ඔහු චෝදනා එල්ල කර තිබුණි.

කෙසේවෙතත් ලියනාඩෝ මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.