(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන 13වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පස්වන දිනය අදයි.
අද දින කාන්තා මීටර 100 කඩුළු මතින් දිවීමේ ඉසව්වෙන් ශ්‍රි ලංකාවට තවත් රන් පදක්කමක් හිමිකර දීමට ලක්ෂිකා සුගන්දි සමත් විය.
කාන්තා මීටර 100 කඩුළු මතින් දිවීමේ ඉසව්වේ රන් පදක්කම හිමිකර ගත් ලක්ෂිකා සුගන්දි එම ඉසව්ව නිම කිරීමට ගත කළ කාලය තත්පර 13යි දශම 6යි 8ක්.
එම ඉසව්වේ ලෝකඩ පදක්කමත් ශ්‍රී ලංකාවට හිමිවූ අතර ලෝකඩ පදක්කම හිමිකර ගත්තේ ඉරේෂානි රාජසිංහ විසින්.
මේ අනුව දක්කම් සටහනේ තෙවන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව මේ වන විට ලබාගෙන ඇති සමස්ථ පදක්කම් සංඛ්‍යාව 83කි.ඒ අතර රන් 13ක්,රිදී 26 ක්,ලෝකඩ 44 ක් වේ.
දෙවන ස්ථානයේ පසුවන්නේ නේපාලය රන් පදක්කම් 31ක්,රිදී පදක්කම් 18 ,ලෝකඩ පදක්කම් 28ක් සමඟ සමස්ථ පදක්කම් 77ක් ලබා ගනිමිනි.
ඉන්දියාව ප්‍රථම ස්ථානයේ පසුවන්නේ සමස්ථ පදක්කම් 85ක් ලබා ගනිමිනි.ඒ අතර රන් පදක්කම් 39, රිදී පදක්කම් 31,ලෝකඩ පදක්කම් 15ක් ලබා ගෙනයි.








