FAST NEWS

24×7 Around the Globe

ඩ්වේන් ජොන්සන් නව මුහුණුවරයකින් රසිකයන් අතරට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සුපිරි හොලිවුඩ් නළු ඩ්වේන් ජොන්සන් 2021 වසරේ සුපිරි ‘කොමික්’ විරයෙකුගේ චරිතයක් හරහා සිය සිනමා රසිකයන් අතර ඒමට සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඔහු මෙසේ සුපිරි විරයෙකු ලෙස පෙනීසිටින්නේ 2021 දෙසැම්බර් මාසයේ ප්‍රදර්ශනය වීමට නියමිත ‘බ්ලැක් ඇඩම්’ නම් චිත්‍රපටයේ වේ.

‘DC කොමික්’ චරිතයක් වන ‘බ්ලැක් ඇඩම්’ චරිතයට ‘සුපර් මෑන්’ මෙන් බලයක් ඇති බව වාර්තා වන අතර මෙම චිත්‍රපටයේ ඩ්වේන් පෙනී සිටින ඡායාරූපයක් ඔහුගේ ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුම හරහා ප්‍රසිද්ධ කර තිබුණි.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ජොන්සන් රංගනයෙන් දායක වන ‘ජුමන්ජි’ දෙවැන්න තවත් නොබෝ දිනකින් ප්‍රදර්ශනය වීමට නියමිත බවයි.