FAST NEWS

24×7 Around the Globe

යුරෝපා පාපන්දු තරගාවලියට සත්කාරකත්වය රුසියාවට ලබා දෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2020 පැවැත්වීමට නියමිත යුරෝපා පාපන්දු තරගාවලියට සත්කාරකත්වය ලබාදීමට රුසියාව තීරණය කර ඇති බව යූරෝපා පාපන්දු සම්මේලනයේ සභාපති නිල වශයෙන් තහවුරු කරයි.

රුසියාවට එල්ලවූ තහනම් උත්තේජක චෝදනා හේතුවෙන් තරග සඳහා සත්කාරකත්වය සැපයීම එම රටට සීමා කිරීමට ලෝක තහනම් උත්තේජක මර්ධන නියෝජ්‍යාතනය තීරණය කර තිබුණි.

සෑම වසර හතරකට වරක් පැවැත්වෙන යුරෝපා පාපන්දු තරගාවලිය එළඹෙන ජුනි 12 – ජුලි 12 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

නමුත් එම බාධක මධයේ වුවද රුසියාවට සත්කාරකත්වය ලබාදීමට පාපන්දු සම්මේලනය නිවේදනය කිරීම විශේෂත්වයක්.