(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2020 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබා ගැනීමට නම් රටවල් තුනක් සමඟ තරඟ කිරීමට සිදුව තිබේ.
ඒ අයර්ලන්තය, පැපුවා නිව්ගිනියාව සහ ඕමානය සමඟයි.
ශී‍්‍ර ලංකාව සහභාගී වන පළමු තරගය ලබන වසරේ ඔක්තෝම්බර් 18 වැනිදා අයර්ලන්තය සමග පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව මෙහිදී තරග වදින්නේ A කාණ්ඩය යටතේය.
එම කාණ්ඩයෙන් රටවල් 02 ක් පමණක් විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගනු ඇත.
ශී‍්‍ර ලංකාවට අමතරව බංග්ලාදේශයට ද මෙලෙසම සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයකට මුහුණ දීමට සිදුව තිබේ.
පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය 2020 ඔක්තෝම්බර් මාසයේ ඕස්ටේ්රලියාවේදී ආරම්භවීමට නියමිතය.








