(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාකිස්තානය සහ ඕස්ට්‍රේලියාව අතර පැවති පළමු විස්සයි විස්ස තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට තරග සංවිධායකයන් තීරණය කර තිබේ.
ඕස්ට්‍රේලියා සිඩ්නි නුවරදී පළමු විස්සයි විස්ස තරඟයේ ඉනිමේ තුන්වන පන්දුවාරයේදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය අත්හැර දැමිමට තීරණය කළේය.
ඒ අනුව දෙරට අතර දෙවන විස්සයි විස්ස තරගය එළඹෙන අගහරුවාදා පැවැත්වීමට නියමිතයි.








