(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නවසීලන්ත ක්‍රිකට් නායක කේන් විලියම්සන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බවට පසුගිය ශ්‍රී ලංකා තරග සංචාරයේ ගාල්ලේ පැවති ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඔහුට චෝදනා එල්ල විය.
කෙසේ වෙතත් විලියම්සන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බව පරීක්ෂණවලදී තහවුරු වී තිබෙන අතර , ඉදිරි තරගවලදී ඔහුට සුපුරුදු ලෙස පන්දු යැවීමට හැකි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය.








