FAST NEWS

24×7 Around the Globe

දිනෙන් දින අසාර්ථක වන සායිෆ් අලී ඛාන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  බොලිවුඩ නළු සායිෆ් අලී ඛාන් නිරතුරුවම තිරයේ දක්නට නොලැබෙන චරිතයක් වූවත් ඔහුගේ ජනප්‍රියත්වයේ නම් කිසිඳු අඩුවක් සිදුවී නොමැත.

කෙසේවෙතත්, සායිෆ් 2017 වසරේ සිට මේ දක්වා රංගනයෙන් දායක වූ සියලු බොලිවුඩ් චිත්‍රපට අසාර්ථක වී ඇත.

ඉකුත් ඔක්තෝබර් 18 වැනිදා ඔහුගේ අලුත්ම චිත්‍රපටය වූ ‘ලාල් කප්ටාන්’ තිරගත වූ අතර, දින හයක් වෙද්දිත් එම චිත්‍රපටය උපයාගෙන තිබුණේ ඉන්දීය රුපියල් කෝටියක මුදලකි. 2017 වසරේ තිරගත වූ ‘රැන්ගොන්’, ‘චෙෆ්’ 2018 වසරේ තිරගත වූ ‘කලාකන්දි’, ‘බෂාර්’ මෙන්ම පසුගියදා තිරගත වූ ‘ලාල් කප්ටන්’ චිත්‍රපටය සායිෆ්ගේ අසාර්ථක චිත්‍රපට වේ.