FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වලතා ගැන තේරීම් කමිටු ප‍්‍රධානියාගේ අප්‍රසාදය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඕස්ටේ‍්‍රලියාව සමග පැවැති පළමු 20 යි 20 තරග දෙකෙන් ශ්‍රී ලංකා පරාජයට පත්වීමට හේතුව  ශ‍්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වලතා බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් තේරීම් කමිටු ප‍්‍රධානී අසන්ත ද මෙල් පවසනවා.

ඊයේ තරඟය පරාජයට පත්වීමෙන් අනතුරුව පවතී මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා කි‍්‍රකට් තේරීම් කමිටු ප‍්‍රධානීයා මේ බව පවසා තිබෙනවා.

එම තරග දෙකේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දක්ෂතා පිළිබඳ සෑහීමට පත්විය නොහැකි බවයි කි‍්‍රකට් තේරීම් කමිටුවේ ප‍්‍රධානියා ස්නාදහන් කරන්නේ.

ඕස්ටේ‍්‍රලියාවේ කී‍්‍රඩාපිටිවල තනතීරු වේග පන්දු යවන්නන්ට වැඩි වාසියක් පැවතියද, එය ශ්‍රී ලංකා කණ්ඩායමට නිදහසට කරුණක් නොවන බව ද අසන්ත ද මෙල් පවසයි.

මේ අතර දෙරට අතර පැවැත්වෙන 03 වන සහ අවසන් 20 යි 20 තරගය මෙල්බර්න් හිදී හෙට (01) පැවැත්වීමට නියමිතය.