FAST NEWS

24×7 Around the Globe

බොලිවුඩ් පුරවරයට පෑයූ අලුත්ම තාරකාවිය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  තිරගතවීමට නියමිත ‘ඩබාන්ග්’ තෙවැන්න ඔස්සේ අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකවරයෙක් මෙන්ම බොලිවුඩ්, කොලිවුඩ්, තෙළෙඟු, කන්නඩ චිත්‍රපට නළුවෙකු වූ මහේෂ් මන්ජේකාර්ගේ දියණිය වන සායි මන්ජේකාර් කරළියට පැමිණ තිබේ.

සුපිරි නළු සල්මාන් ඛාන් විසින් මෙම නවක සුරූපී නිළිය හදුන්වාදෙන බවයි බොලිවුඩ් ආරංචි මාර්ග පැවසුවේ.

සායි මන්ජේකාර්ගේ ප්‍රථම චිත්‍රපටය වන්නේ මෙයයි. ඇය සල්මාන් ඛාන්ගේ ඉල්ලීමක් මත මෙහි රංගනයේ යෙදෙන බව සඳහන් වේ.

සල්මාන් ඛාන් හරහා ජනප්‍රිය වූ ස්නේහා උලාල්, ඩේෂි ෂා, ශරිනි ඛාන් වැනි සුපිරි තරු වගේම සායිද ජනප්‍රිය වනු ඇති බවයි සිනමා විචාරකයන් සඳහන් කරන්නේ.