FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා දෙවන විස්සයි 20 තරඟය අදයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරඟය අද (30) පස්වරු 1.40ට බ්‍රිස්බේන්හීදි පැවැත්වීමට නියමිතයි.

මෙම තරඟය පරාජය වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායම සමස්ත විස්සයි විස්ස තරඟාවලියම පරාජයට පත්වේ.

එම නිසා තරගාවලියේ ජය හිමිකර ගැනීමට ඕස්ට්‍රේලියාට මෙම තරගය වැදගත් වනු ඇති.

කෙසේවෙතත්, ඕස්ට්‍රේලියා සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු විස්සයි විස්ස තරඟය ලකුණු 134කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියා සමත් විය.