FAST NEWS

24×7 Around the Globe

පස්වරුවේ දුම්රිය 22ක් ධාවනයට සුදානම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද(04) පෙරවරුවේ කාර්යාල දුම්රිය 12ක් පමණ ධාවනය කෙරුණද පස්වරුවේ කාර්යාල දුම්රිය 22ක් ධාවනය කල හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ දුම්රිය රියැදුරන් 22 දෙදෙනෙකු අද(04) දින සේවයට වාර්තා කර ඇති බවයි.

කෙසේවෙතත් දුර ගමන් සේවා සහ තැපැල් දුම්රිය සේවා යථා තත්වයට පත්කිරීමට මෙම සතිය තුළ නොහැකි වන බවද ඔහු සඳහන් කළේය.

ඊයේ(03)දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමේ අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරිණි.

මේ අතර අද පෙරවරුවේ දුම්රිය රියදුරන් සහ නිලධාරීන් අතර තවත් සාකච්ඡාවක් පවත්වා තිබේ.

එම සාකච්ඡාවේ ප්‍රථිපලය ගැන මෙතෙක් තොරතුරු වාර්තා නොවේ.