(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දීය ක්‍රිකට් උපදේශක කමිටු සභාපති කපිල් දේව් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
එරට මාධ්‍ය වාර්තා කළේ ඒ සම්බන්ධයෙන් කපිල් දේව් විසින් නිවේදනයක් නිකුත් කර ඇති නමුත් සිය ඉල්ලා අස්වීමට හේතු වූ කරුණු පිළිබඳව එහි දක්වා නොමැති බවයි.
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ උපදෙස් මත ඉන්දීය ක්‍රිකට් උපදේශක කමිටුව පත් කරන ලදී.
තවද පුහුණුකරුවන් ඇතුළු නිලධාරීන් පත් කිරීමේ වගකීමද එම කමිටුවට පැවරී තිබේ.








