FAST NEWS

24×7 Around the Globe

සිය සැමියා ගැන ප්‍රියංකාගෙන් හෙළි දරව්වක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ප්‍රියංකා චොප්රා විවාහවී සිටින ඇමරිකානු ගායක-නළු නික් ජොනාස් සම්බන්ධයෙන් ඇය ඉන්දීය මාධ්‍ය වෙත යම් අනාවරණයක් කර තිබේ.

නික් ජොනාස් ක්‍රිස්තියානි ජාතිකයෙකු වන අතර ඔහු හින්දු සම්ප්‍රදායන්ටද ගරු කරන අයෙකි. ප්‍රියංකාද හින්දු ආගමට මෙන්ම ක්‍රිස්තියානි ආගමටද එකසේ ගරු කරයි.

නික් ද ඉන්දියාවට සහ එහි සංස්කෘතියට, විශේෂයෙන් බොලිවුඩයට ආදරය කරන බවත් ඒ සියල්ලට වඩා ඔහු බොලිවුඩ් ගීතවලට ආදරය කරන බව ප්‍රියංකා චොප්රා අනාවරණය කර තිබේ.

ඔහු සමඟ මෙම සම්බන්ධතාවය ඇතිවීමට එයද හේතුවක් වූ බව ප්‍රියංකා චොප්රා  බොම්බා ටයිම්ස් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව පවසා ඇත.

ඔහු සාමන්‍යයෙන් රඟපෑමට යාමට පෙර බොලිවුඩ් සංගීතයට සවන් දෙන අතර ඔහුගේ කාමරයේ බොලිවුඩ් සංගීතය නිතරම වාදනය කෙරෙන බවද ප්‍රියංකා මෙහිදී පවසා තිබේ.