ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකුට යලිත් තහනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකුට යලිත් තහනමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අකිල ධනංජයට ඉදිරි මාස දොළහක් පන්දු යැවීමට නොහැකි බවත් පන්දු යැවීමේ තහනමක් පනවා තිබෙන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙබ් අඩවිය මෙන්ම bdcrictime වෙබ් අඩවියද වාර්තා කරයි.

මේ පිළිබඳව ක්‍රීඩක අකිල ධනංජයට මේ පිළිබඳව දැනුම් දී තිබෙන අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද දැනුවත් බවට අදාළ වෙබ් අඩවිය වැඩි දුරටත් වාර්තා කර සිටී.

පසු ගිය අගෝස්තු මස 14 සිට 18 දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර ගාල්ලේ දී පැවති පළමු තරඟයේදී අකිල ධනංජය ගේ පන්දු යැවීම් පිළිබඳව නොයෙකුත් කරුණු වාර්තා වුණා.

ඉන්දියාවේ තමිල් නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ පිහිටි ශ්‍රී රාමචන්ද්‍ර ආයතනයේ දී (Shri Ramachandra Institute) ආචාර්ය ආදිත්‍ය සහ ඥානවෙල් මහතාගේ අධීක්ෂණය යටතේ Bio Mechanical Assessment සිදු කිරීමට 25ස් වියැති අකිල ධනංජයව ICC යේ වියදමින් යවන ලදී.

අදාළ වාර්තාව එලි දැක්වී තිබෙන අතර අකිල ධනංජය ගේ පන්දු යැවීමේ විලාශයේ ගැටළුවක් තිබෙන බැවින් මෙම තීරණය ගෙන තිබෙන බවට වැඩි දුර වාර්තාවන් පවසයි.

මින් පෙරද අකිල ධනංජයට මෙලෙසම තහනමක් පනවා තිබෙන අතර, ඒ 2018 වසරේ දෙසැම්බර් මාසයේදීය.