ශ්‍රී ලංකා-පකිස්තානු තරඟාවලියට ටිකට් නිකුත් කරයි. තරඟාවලිය වෙන රටකදී ?

ශ්‍රී ලංකා-පකිස්තානු තරඟාවලියට ටිකට් නිකුත් කරයි. තරඟාවලිය වෙන රටකදී ?

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ මස 27 වැනිදා සිට ඔක්තෝබර් 9 වැනිදා දක්වා යෙදී ඇති ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන ක්‍රිකට් සංචාරය පැවතේද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ වන විට අර්බුධකාරී තත්ත්වයක් පැන නැඟී තිබෙන අතර එකී තරගාවලිය සඳහා පාකිස්තානයේ සත්කාරකත්වය ලබාදීම පිළිබඳ විශ්වාසයකින් පසුවන බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ඒහ්ෂාන් මානි (Ehsan Mani) මහතා විදෙස් මාධ්‍ය අමතමින් ප්‍රකාශයක් නිකුත් කරමින් දැඩි විශ්වාශය පළකර තතිබුණා.

විස්සයි-20 තරග 3ක් හා එක්දින තරග 3ක් ඇතුළත් එම තරගාවලිය පාකිස්තානයෙන් පිටත වෙනත් ස්ථානයක් කරා රැගෙන යාමේ අපේක්ෂාවක් තමන්ට හෝ තම ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන්ට නොමැති බවද පාකිස්තාන ක්‍රිකට් සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටි බවට නොයෙකුත් මාධ්‍ය පසු ගිය දිනයන්වල වාර්තා කර තිබුණා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති ඒහ්ෂාන් මානි “වෙනත් ස්ථානයක් සෙවීමේ අවශ්‍යතාවක් අපිට නැහැ. වෙනත් ස්ථානයකට මාරු වෙන්න වගේම වෙනත් විකල්පයක් ලබාගන්න අපිට දැන් කාලය මදි. මෙය පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන තරගාවලිය නිසා මෙය පාකිස්තානය තුළ පැවැත්වේවි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් සමඟ අපි සාකච්ඡා කරමින් සිටින්නෙ. ඔවුන් තම කණ්ඩායම පාකිස්තානයට එවන එක ගැන ධනාත්මක තත්ත්වයක පසුවෙනවා” යනුවෙන් පවසා තිබේ.

මේ අතර එක්දින නායක දිමුත් කරුණාරත්න ඇතුළුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජේ‍යෂ්ඨ ක්‍රීඩකයන් 10 දෙනකු පෞද්ගලික හේතු දක්වමින් මෙම සංචාරයෙන් ඉවත් වුවද නවක ක්‍රීඩකයන්ද ඇතුළත් කරමින් පාකිස්තාන සංචාරයේ විස්සයි-20 හා එක්දින සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත්කරන ලදී. යම් හෙයකින් මෙම තරගාවලිය නියමිත පරිදි පැවැත්වුවහොත් එක්දින තරග 3 කරච්චි ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීද විස්සයි-20 තරග 3 ලාහෝර් හිදීද පැවැත්වීමට නියමිතය.

දෙරට අතර යෝජිත තරඟාවලිය පවත්වනවාද ? නැද්ද ? යනුවෙන් නොයෙකුත් අර්බුධයන් පැන නැගෙද්දී, මෙලෙස පකිස්තානු ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් ලෝලීන්ට තරඟය නැරඹීමට අවශ්‍ය ටිකට් පත් නිකුත් කිරීම කෙතරම් දුරට සාර්ථක වනු ඇත්ද යන්න පමණක් නොව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රතිචාරයන්ද යහපත් වනු ඇති බවට ක්‍රිකට් ලෝලීන් විශ්වාස කරයි.

මේ මස 27ත් වැනි දින ආරම්භ වීමට නියමිතව තිබෙන ශ්‍රී ලංකා-පකිස්තානු එක් දින සහ විස්සයි-විස්ස තරඟාවලිය නැරඹීමට ප්‍රේක්ෂකයින්ට සහ ක්‍රිකට් ලෝලීන්ට අවශ්‍ය පහසුකම් ලබාදීම ඉලක්ක කර ගනිමින් තරඟාවලිය නැරඹීමට අවශ්‍ය ටිකට් පත් නිකුත් කිරීමට පකිස්තානු ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙන බවට පකිස්තානයේ ප්‍රධාන මාධ්‍යක් වන ජියෝ (Geo Super TV) නාලිකාව වාර්තා කරයි.

හෙට දින සිට, එනම් සැප්තැම්බර් 20 සිට තරඟය නැරඹීමට අවශ්‍ය ටිකත් පත් ලබාගැනීමට පප්‍රේක්ෂකයින්ට හැකි වනු ඇති බවත් අන්තර් ජාලයේ www.yayvo.com නැමැති වෙබ් අඩවියෙන් හෙට සිට ටිකට් පත් මිලදී ගැනීමට හැකි වනු ඇති බවට අදාල වෙබ් අඩවිය වැඩි දුරටත් වාර්තා කර සිටි.

සැප්තැම්බර් 27,29 සහ ඔක්තෝම්බර් 2 යන දිනයන්හි කරචි හිදී පැවැත්වීමට නියමිතව තිබෙන එක් දින තරඟයන් නැරඹීම සඳහා පකිස්තානු රුපියල් 500 සිට 3000 (HBL PSL 2019 play-off matches, ranging from PKR500 to PKR3000.) දක්වා ටිකට් පත් අලෙවි කිරීමට පකිස්තානු ක්‍රිකට් ආයතනය බලාපොරොත්තුවේ.