(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ හිටපු ගුවන් හමුදාපති මාර්ෂල් රොෂාන් ගුණතිලක අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් හා මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් යන තනතුරුවලට අභිෂේක ගැන්වීම අද (19) සිදු කිරීමට නියමිතයි.
ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ අද උදෑසන කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වෙන බවයි.
ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා සිදුකළ සේවය ඇගයීම සඳහා ඔවුන්ට මෙම තනතුර පිරිනමනු ලැබූ අතර ඊට අදාළ ගැසට් නිවේදනය පසුගිය මස 5 වනදා නිකුත් කර තිබුණේය.






