(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වත්මන් පකිස්තානු ක්‍රිකට් පුහුණුකරුවන මිස්බාහ් -උල්-හක් (Misbah ul Haq) විසින් මෙම මස 27ත් වැනි දින සිට ඔක්තෝම්බර් 09 (September 27 to October 9) දක්වා ලාහෝරයේ පිහිටි එරට ජාතික ක්‍රිකට් ඇකඩමියේදී (National Cricket Academy in Lahore) ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පැවැත්වීමට නියමිතව තිබෙන එක් දින සහ විස්සයි-විස්ස තරඟාවලිය ඉලක්ක කර ගනිමින් ප්‍රබල පකිස්තානු ක්‍රීඩකයින් දෙදෙනෙකු වන මොහමඩ් හෆීස් සහ සොහයිබ් මලික් (Mohammad Hafeez and Shoaib Malik) යන දෙදෙනාව ඉවත් කිරීමට තීරණය කර තිබෙන බවට විදෙස් වෙබ් අඩවි වාර්තා කරයි.
තව දින දෙකකින්, එනම්, සැප්තැම්බර් 21ක් වන දින පකිස්තානු කණ්ඩායම නිල වශයෙන් ප්‍රකාශ කරනු ඇති අතර, සැප්තැම්බර් 24
වන එක් දින කණ්ඩායම කරාචි (karachi) බලා පිටත් වීමට නියමිතව තිබෙන අතර, පළමු එක් දින තරඟය මේ මස 27ත් වන දින ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවටද අදාල විදෙස් වෙබ් අඩවිය වාර්තා කරයි.
තරඟාවලියට සහබාගි වන පකිස්තානු කණ්ඩායම
Sarfaraz Ahmed (c), Babar Azam (vc), Abid Ali, Ahmed Shehzad, Asif Ali, Faheem Ashraf, Fakhar Zaman, Haris Sohail, Hasan Ali, Iftikhar Ahmed, Imad Wasim, Imam-ul-Haq, Mohammad Amir, Mohammad Hasnain, Mohammad Nawaz, Mohammad Rizwan, Shadab Khan, Umar Akmal, Usman Shinwari, and Wahab Riaz.








