(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන් සදහා නව නීති මාලාවක් පණවයි.
ඒ පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හා තේරීම් කමිටු ප්‍රධානි මිස්බා උල් හක් විසිනි.
මෙහිදී පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන්ට බිරියානි හෝ පැණිරස වර්ග ආහාරයට ගැනීම තහනම් කර තිබේ.
බිරියානි වලට අමතරව අධික මේදය සහිත ආහාර වර්ගද පකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයන්ට තහනම් කර ඇත.
ලෝක කුසලාන තරග මාලාවේදී පාකිස්ථාන පිල තරග 09 කට සහභාගී වු අතර ඉන් ජය ගත්තේ තරග 5 ක් පමණි.
නිසි පෝෂණ සැලැස්මක් අනුව පකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයන් පුහුණු කිරීමේ අරමුණින් යුතුව මිස්බා උල් හක් මෙම නීති මාලාව පණවා ඇත.








