FAST NEWS

24×7 Around the Globe

දිමුත්, කුසල්, මැතිව්ස් ලොව හොඳම ටෙස්ට් පිතිකරුවන් අතරට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නිකුත් කරන ලද නවතම (සැප්තැම්බර් 15 නිකුත් වූ) ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, සහ ඇන්ජලෝ මැතිව්ස් ලොව ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ඉදිරියට පැමිණීමට සමත්ව ඇත.

ඒ අනුව, ලොව හොඳම ටෙස්ට් පිතිකරුවන් 20 අතර ශ්‍රේණිගත වෙමින් දිමුත්, කුසල්, මැතිව්ස් පිළිවෙළින් 9, 17, සහ 19 යන ස්ථාන වලට පත්වී ඇත.

ලොව ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියාවේ ස්ටීව් ස්මිත් සමත්ව තිබේ.