ලසිත් මාලිංග තවත් ඉදිරියට

ලසිත් මාලිංග තවත් ඉදිරියට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ක්‍රිකට් ක්‍රීඩක සුපිරි තරුව වන ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව තව තවත් ඉදිරියට යමින් තිබෙන බවට අයි.සී.සී. වෙබ් අඩවිය වාර්තා කරයි.

විස්සයි-20 අන්තර්ජාතික තරග වලදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගැනීමේ ලෝක වාර්තාව මීට ටික වේලාවකට පෙර ලසිත් මාලිංග විසින් හිමිකරගන්නා ලදි.

නවසීලන්තයට එරෙහිව පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේදී කොලින් ඩි‘ග්‍රැන්ඩ්හෝම් දවාගැනීමත් සමගම මාලිංග 99 වැනි කඩුල්ල දවාගත්තේය.

ලසිත් මාලිංගගේ විශිෂ්ඨ පන්දු යැවීම හේතුවෙන් සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවති 3 වන සහ අවසන් 20 යි 20 කි‍්‍රකට් තරගය ලකුණු 37 කින් ජය ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම නවසීලන්තයත් සමඟ පැවති තරඟයේදී සමත් වුණා. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුළු 8 ක් දැවී රැස් කළේ ලකුණු 125 ක් පමණයි.

ධනුෂ්ක ගුණතිලක පන්දු 25 කදී ලකුණු 30 ක් රැස් කළා. පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ නවසීලන්ත කණ්ඩායමේ සියළුම පිතිකරුවන් පන්දුවාර 16 කදී ලකුණු 88 කට දවා ගැනීමට ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් සමත් වුණා. විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ලසිත් මාලිංග නවසීලන්ත කණ්ඩායමේ කඩුළු 5 ක් දවා ගත්තේ සිය පන්දුවාර හතරේදී ලකුණු 6 ක් පමණක් ලබාදෙමින්.

සිය දෙවන පන්දු වාරයේ අවසන් පන්දු හතරේදී පිට පිට කඩුළු 4 ක් බිද හෙළීමට ලසිත් මාලිංග සමත් වුණේ ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියේදී එවැනි දස්කමක් අවස්ථා දෙකකදි දැක්වූ පළමු කී‍්‍රඩකයා ලෙස ඉතිහාසයට එක්වෙමින්. කොලිං මුන්රෝ, හමීෂ් රදර්ෆෝඞ්, කොලිං ග‍්‍රෑන්ඞ්හෝම් සහ රොස් ටේලර් මාලිංග යොමුකළ පන්දු 4 ක් හමුවේ පිට පිටම දැවී ගියා.

ඒ අනුව මෙම තරගයේදී ලසිත් මාලිංග වාර්තා කළේ විස්සයි විස්ස පිටියේදී ලබාගත් 2 වන කඩුළු ති‍්‍රත්වයයි. එක්දින පිටියේදීද කඩුළු ති‍්‍රත්ව 3 ක් වාර්තා කිරීමට මාලිංග සමත් වුණා. ඒ අනුව ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියේදී වැඩිම කඩුළු ති‍්‍රත්ව ප‍්‍රමාණයක් වාර්තා කළ පන්දු යවන්නා ලෙසද ලසිංත් මාලිංග ඉතිහාසයට එක්වනවා.

එමෙන්ම MRF Tyres ICC Men’s T20I Rankings for Bowlers නොහොත් එම්.ආර්.එෆ්. ටයර්ස් ජාත්‍යන්තර විස්සයි-විස්ස ශ්‍රේණිගත කිරීම්වලට අනුව 20සි වැනි ස්ථානයට පත්ව තිබෙන බවට ICC වෙබ් අඩවිය වැඩි දුරටත් වාර්තා කරයි.